USB On The Go කේබල් එකක් ගෙදරදීම හදමු
USB On The Go කේබල් එකක් ගෙදරදීම හදමු |
මේකට අවශ්‍ය දේවල් :
1. Micro USB ඩේටා කේබල් එකක් (චයිනීස් ඒව ඕනි තරම් තියෙනව කඩේ , ඔරිජිනල් එක එහෙම මේකට ගන්න එපා )
2. USB FeMale සොකට් එකක්
3. බවුත් එකක් (Soldering iron)
* ඉස්සරවෙලාම අර ඩේටා කේබල් එකේ ෆෝන් එකට කනෙක්ට් කරන පැත්තේ තියෙන සොකට් එක ගලවගන්න. (පිහියෙන් පොඩ්ඩක් පලුදු කරගන්න මේ විදිහට)
* එතකොට
ඔයාලට පේනව ඇති පාට පාට වයර් 4ක් , ඒත් අර ජැක් එකේ පින් 5ක් තියෙනවා , එක
පින් එකකට වයර් එකක් සම්බන්ද කරලා නෑ , ඔයාලට තියෙන්නේ ඒ මුකුත් සම්බන්ද
නොකරපු පින් එකට කලු පාට (BLACK) වයර් එක සම්බන්ද කරපු පින් එක සම්බන්ද කරන
එක , එතකොට පින් දෙකකට කලුපාට වයර් එක සම්බන්ද වෙලා තියෙන්න ඕනි .
* හරි දැන් එක පැත්තක් හදාගෙන ඉවරයි , දැන අපි බලමු පෙන් එක ගහන පැත්ත (FeMale සොකට් ) හදාගන්නෙ කොහොමද කියලා .
* එහෙනම් එක පැත්තක් හදා ගත්තු ඩේටා කේබල් එකේ අනිත් පැත්තේ සොකට් එක දුක නැතිව කපල ඉවත් කරගන්න :'( , ඊටපස්සේ අර FeMale සොකට් එකට පහල රූපයේ තියෙන විදිහට වයර් ටික බවුත් කරගන්න .
http://borasite.blogspot.com වෙතින් උපුටා ගන්න ලදී
0 comments: